කොටකෙතන එකම පවුලේ මව සහ දියණිය ඝාතනය කර ඔවුන් පදිංචි නිවස තුළටම දමා ගිනි තැබීමේ නඩුවේ තීන්දුව ලබන මැයි 07 දා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද තෙන්නකෝන් ලිවේරා මහත්මිය දැනුම් දුන්නාය.
කහවත්ත කොටකෙතන පදිංචි ලියනාරච්චිගේ ප්‍රේමාවතී (63) සහ හේවාගමගේ පුෂ්පකුමාරි (23) කපා කොටා ඝාතනය කර දූෂණය කර ඔවුන් පදිංචි නිවසටම දමා ගිනි තැබූ බවට විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබුණි. පැමිණිල්ලේ සහ විත්තියේ සාක්ෂි දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සඳහා විනිසුරුවරිය මෙලෙස දින නියම කළාය.