(UPDATE) සෝමාලි දේශසීමාවේ පවතින ඊසානදිග කෙන්යාවේ විශ්වවිද්‍යාලයකට කඩා වැදුණු අල්-ෂබාබ් ඉස්ලාමීය අන්තවාදීන් එල්ල කරන ලද ප්‍රහාරයෙන් පුද්ගලයන් 15 දෙනෙකු මේ වනවිට ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.
එමෙන්ම, ප්‍රහාරයට පැමිණි සටන්කාමීන් විසින් සිසුන් පිරිසක් ප්‍රාණ ඇපයේ රඳවා තබාගෙන සිටින බව වාර්තා වෙයි.
ගරිස්සා විශ්වවිද්‍යාලයට එල්ල වූ මෙම ප්‍රහාරයත් සමග කෙන්යානු හමුදාව විශ්වවිද්‍යාලය වටා ආරක්ෂාව තරකර ඇති අතර සිදුවීමෙන් පුද්ගලයන් 65ක් පමණ තුවාල ලබා තිබේ.
සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ තුවක්කුකරුවන් විසින් ඉවක් බවක් නොමැතිව වෙඩි ප්‍රහාර එල්ල කරන ආකාරය දැකගත හැකි වූ බවයි. මේ නිසා ප්‍රහාරයෙන් සිදුවූ ජීවිත හානි වැඩිවිය හැකි බවද විශ්වාස කෙරෙයි.
අල් කයිඩා ත්‍රස්ත කණඩායම හා සම්බන්ධ අල් ෂබාබ් සටන්කාමීන් ක්‍රිස්තියානු සිසුන් රඳවාගෙන මුස්ලිම් සිසුන් මුදාහැර ඇති බව බී.බී.සී.ය පවසයි.