දකුණු කොරියාවේ කෘෂිකර්ම ක්ෂේත්රයට මෙරට ශ්‍රමිකයන් සම්බන්ධ කරගැනීමට ඉල්ලීමක් කර තිබෙන බව අධිකරණ හා විදේශ රැකියා ඇමැතිනී නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය පවසයි.
කොරියාවට යනවා නම් නියමිත රැකියාවට පමණක් යා යුතු බවත් ගිවිසුම් කඩ කළ නොහැකි බවත් ඇය සඳහන් කළාය .
විදේශ රැකියා අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් ඇය මේ බව පැවැසීය.
එසේම විදෙසගත ශ්‍රමිකයන්ට විශ්‍රම වැටුප ලබදීමට අවශ්‍ය කටයුතු සිදු කෙරෙන බවත් එය නීති කෙටුම්පත් දෙපර්තමේන්තුවට යවා ඇති බවත් ඇය සඳහන් කළේය.