රෝහලක අධිකරණ වෛද්‍ය කටයුතු පහසුවෙන් ඉටුකරගත හැකි පරිගණක මෘදුකාංගයක් නිපදවීමට කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු සමත්ව තිබේ.
එම රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය එන්.ඒ.සී.පී. චමින්ද මහතා විසින් මෙම මෘදුකාංගය නිර්මාණය කර ඇති අතර, සෞඛ්‍ය සේවාවට සම්බන්ධ වෛද්‍යවරයෙකු විසින් මෙවැනි මෘදුකාංගයක් නිර්මාණය කළ පළමු අවස්ථාවද මෙය බව කියැවේ.
රෝගියෙකු රෝහලකට ඇතුළත් කර මියයෑමෙන් පසු රෝහලේ අංශ කිහිපයකින් ඉටුවිය යුතු නීතිමය ක්‍රියාදාමයන් එක් ස්ථානයකින් ඉටුකළ හැකි අයුරින් මෙම වැඩසටහන නිර්මාණය කර තිබේ.