කුමන ප්‍රශ්න තිබුණද විශ්වාසභංග යෝජනාවේදී එක්සත් ජාතික පෙරමුණේ නායකයා වන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සිටින බවත්, කිසිම අවස්ථාවක නායකයා පවානොදෙන බවත් ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය.
අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත්කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේබව කීවේය.
“අපි අතර මොන ප්‍රශ්න, අර්බුද තිබුණත් අපි එක්සත් ජාතික පෙරමුණ පාවා දෙන්නේ නැහැ.විශ්වාසභංග යෝජනාව සම්බන්ධව අපි දැඩිව ඉන්නවා. අපි එක්සත් ජාතික පෙරමුණ සමග ඉන්නවා. අපි එක්සත් ජාතික පෙරමුණේ නායකයා සමග ඉන්නවා." යනුවෙන් කියා සිටියේය.