පොලිස් මත්ද්‍රව්‍ය අංශයේ වෙඩි පහරකින් පසුගිය පස් වැනිදා අතුරුගිරියේ ඔරුවලදී මරුමුවට පත් වු ලාලිත්‍ය කෞෂල්‍ය නොහොත් කුඩු ලාලිතගේ රුපියල් ලක්ෂ හයසිය අසු පහක චංචල නිශ්චල දේපල රාජසන්ත කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
බෝමිරිය,කොරතොට හා තලංගම සුපිරි නිවාස තුනක් ද රණාලේ ඉඩමක්ද රුපියල් ලක්ෂ 40 ක මොටර් රියක් සහ රුපියල් ලක්ෂ 45 ක මොටර් රථ දෙකක්ද එම දේපොළ අතර වෙයි.