කොළඹ - හැව්ලොක් නිවාස සංකීර්ණය ආසන්නයෙන් ගලා බසින කිරුළපන ඇළ මාර්ගයේ තිබී බිළිඳු මළ සිරුරක් අද (19දා) සොයා සොයාගෙන ඇති බව වාර්තා වේ.
මෙම බිළිදා අද උපත ලබා ඇති බවට සැක කරන අතර ඇළ මාර්ගයේ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටි සේවකයින් පිරිසක් මෙම බිළිඳු මළ සිරුර දැක පොලීසියට දැනුම් දී ඇත.
මේ ව විට පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂන සදහා එම ස්ථානයට ගොස් ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.