ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 810 සිට රුපියල් 927ක් දක්වා ඉහළ දැමීමට ආනයනික කිරිපිටි සමාගම් පාරිභෝගික කටයුතු අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙම ඉල්ලීමට අනුව රුපියල් 325ක්ව පවතින ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක මිල රුපියල් 375 දක්වා ඉහළ දැමීමටත් යෝජනා කර තිබේ.
රජය විසින් අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා විශේෂ සහන ලබාදීමේදී කිරිපිටි සඳහා විශේෂ සහන ලබාදී තිබෙන බැවින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා සඳහන් කළේය.
2016/07/14 දිනැති අංක 1975/68 නියෝග අංක 38 දරන ගැසට් පත්‍රයට අනුව ආනයනික කිරිපිටි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 810කි. ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 325කි.