ෙබණ්ඩාරවෙල, අබදණ්ඩේගම හරහා ගලා බසින කිරිඳිඔයේ අතු ගංගාවක් වන අබදණ්ඩේගම ඔයෙහි ජලය පෙරේදා (20දා) රාත්‍රි‘යේ සිට ගලහිටියාව ප්‍ර‘දේශයෙන් සම්පූර්ණයෙන්ම පොළොවට කිඳාබසින බව ප්‍ර‘දේශවාසීහු පවසති.රාවණා ඇල්ල දිය ඇල්ල මෙම ජලයෙන් පෝෂණය වන බැවින් මෙයද සම්පූර්ණයෙන් සිඳී යෑමේ අවදානමකටද මුහුණපා ඇතැයිද වාර්තා වේ.
උමාඔය සංවර්ධන ව්‍යාපෘතියේ උමං මාර්ගය මෙම ගම්මානයට ආසන්නයෙන් ගමන් ගන්නා බැවින් එම හේතුව නිසා ගංගාවේ ජලය පොළොවට කිඳාබැසීම සිදුවෙමින් පවතින බවට සැකකෙරේ.මීට වසර දෙකහමාරකට පමණ පෙර මෙම ස්ථානයට මීටර් 100ක් දුරින් නිවසක් සහිත භූමි ප්‍ර‘දේශයක් අඩි 25ක් පමණ ගැඹුරකට පොළොව යටට ගිලා බැස තිබිණි. මෙම සිදුවීම නිසා ප්‍රදේශවාසීහු දැඩි භීතියට පත්ව සිටිති.
බණ්ඩාරවෙල - රවිඳු දසුන්