කැළණිය රජමහා විහාරස්ථානයේ පෞරාණික භාණ්ඩ සොරා ගැනීමට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි.
කැළිණිය පොලීසියට කළ පැමිණිල්ලක් අනුව කැළණිය පොලීසිය විහාරස්ථානයේ සවිකර තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධති විමර්ශනය කිරීමෙන් පසුව සැකකරුවෙක් හඳුනාගෙන ඇත.
එම සැකකරුගේ ඡායාරූප මාධ්‍ය වෙත පළකර ඇති අතර ඔහු පිළිබඳව තොරතුරු දන්නේ නම් පොලීසිය දැනුවත් කරන ලෙස පොලීසිය ඉල්ලා සිටියි.
ස්ථානාධිපති දිසා අපරාධ බස්නාහිර පළාත් උතුර - 071 - 6868675
කාර්යාලය 011-2947780
ස්ථානාධිපති කැළණිය - 071 8591593
පොලිස් ස්ථානය කැළණිය 011-2914666