කැමරූන්හි දුම්රියක් පීලිපැන 70ක් නසී - 300ක් තුවාලයි
කැමරූන් රාජ්‍යයේ දුම්රිය අනතුරකින් පුද්ගලයන් 70 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 300ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
මගීන්ගෙන් පිරී පැවති දුම්රිය මධ්‍යම කැමරූන් හිදී පිලිපැනීමෙන් මෙම අනතුර සිදුව තිබේ. එසේකා දුම්රිය ස්ථානයෙන් ගමන් ඇරඹා වැඩි වේලාවක් ගතවීමට පෙර මෙම අනතුර සිදුව ඇති අතර, එම අවස්ථාවේදී වෙනදාට වඩා මගීන් පිරිසක් දුම්රියේ ගමන් කරමින් සිට ඇති බව එරට ප්‍රවාහන අමාත්‍ය එඩ්ගාර් අලෙයින් මේබේ පවසයි.
පළාතේ ප්‍රධාන මාර්ගයක පාලමක් කඩා වැටීම නිසා ජනතාව වැඩි පිරිසක් දුම්රියෙන් ගමන් කර ඇති අතර, මෙසේ දුම්රිය පිලි පැනීමට දුම්රියේ ප්‍රමාණය ඉක්මවූ මගීන් පිරිසක් සිටීම හේතු වූයේද යන්න පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙන බව ප්‍රවාහන අමාත්‍යාංශය කියයි.
කැමරූන් ජනාධිපති පෝල් බයියා මෙම අනතුර සම්බන්ධයෙන් සිය සංවේගය පළ කර ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූවන් වෙත කඩිනම් ප්‍රතිකාර සලසන ලෙසද බලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
