අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් රුපියල් 10000ක දීමනාවක් අද (30දා) සිට ගෙවීමට ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී ඇත.
ආපදා කළමනාකරණ අමාත්‍යාංශයට හා ජාතික රක්ෂණ භාර අරමුදලට අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් දී ඇත.
එසේම අලාභහානී වූ දේපළ වටිනාකම් තක්සේරු කිරීම සඳහා අවශ්‍ය කටයුතු ආරම්භ කරන ලෙසත් අග්‍රාමාත්‍යවරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දී ඇත.