කාන්තා නියෝජනය 25%ක් බවට පත්කිරීම පිළිබඳව බොහෝ දෙනෙක් කතා කළද, මැතිවරණයට ඉදිරිපත්වී සිටින අපේක්ෂිකාවන්ට බොහෝ නින්දා අපහාස විඳීමට සිදුව තිබෙන බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මැතිවරණයට ඉදිරිපත්ව සිටින ඇතැම් අපේක්ෂකයන් හා විවිධ සංවිධාන හා පුද්ගලයන් විසින් කාන්තා අපේක්ෂිකාවන්ට අපහාස වන අකාරයට කටයුතු කරන බවද එම සංවිධානයේ ජාතික සංවිධායක මංජුල ගජනායක මහතා අද (28 දා) පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකශ කළේය.
සමහර පුද්ගලයන් කාන්තා අපේක්ෂිකාවන්ට ඡන්දය ලබා නොදෙන ලෙසට ප්‍රසිද්ධියේ ප්‍රකාශ සිදුකරන බවද ඒ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.