ගාල්ල - රත්ගම දුම්රිය ස්ථානය අසලදී මහනුවර සිට මාතර බලා ධාවනය වූ සීඝ්රගාමී දුම්රියට කාන්තාවක් ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ. රත්ගම,බෝපාගම ප්රදේශයේ 43 හැවිරිදි පදිංචිකාරිනියක් වන ඇය ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දුම්රිය මාර්ගය හරහා වේදිකාවට නැගීමට උත්සාහ කළ අවස්ථාවේදී දුම්රියට ගැටීමෙනි.