දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම අසල අද දහවල් බස් රථ දෙකක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයන් 14 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. කඩුවෙල සිට ගාල්ල බලා ධාවනය වන ශ්රී ලංගම බස් රථයක් පින්නදූව පිවිසුමෙහි ප්රවේශපත්ර කවුළුව අසල නවතා තිබියදී ඊට පිටුපසින් පැමිණි පෞද්ගලික බස් රථයක් ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ. අනතුරින් පිටුපස බස් රථයේ ගමන් ගත් රියදුරා ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇත. එක් බසයකට අධිවේගී මගේ මගීන් ප්රවාහනයට බලපත්ර නැති බව වාර්තා වේ.
හබරාදුව නිමල් අල්ගෙවත්ත