කවුඩුල්ල ජාතික වනෝද්‍යානය මේ දිනවල දෙස් විදෙස් සංචාරකයන්ගෙන් පිරී පවතී. මේ වසරේ ගතවූ කාලසීමාවේදී පමණක් සංචාරකයන්ගෙන් රුපියල් ලක්ෂ 2560 කට අධික අදායමක් උපයාගෙන ඇති බව කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේ භාරකරු ඩබ්ලිව්.ජේ.කේ.හේරත් මහතා අද (19දා) කියා සිටියේය.
කවුඩුල්ල ජාතික වනෝද්‍යානයට පිවිසෙන සියලුම දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් හා වනෝද්‍යානය පිරිසිදුව තබාගැනීම සම්බන්ධයෙන් ද විශේෂ වැඩපිළිවළක් ක්‍රියාත්මක කර ඇති බවද කවුඩුල්ල වනෝද්‍යාන භරකරු ඩබ්ලිව්.ජේ.කේ.හේරත් මහතා වැඩිදුරටත් කියා සිටියේය.