කලාකරුවන් සඳහා ඉඩම් ප්රදානය කිරිමට සමාජ සේවා, සුභසාධන හා පශු සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.
මේ සඳහා රජයේ සේවකයන්ගේ නිවාස ව්‍යාපෘතියකට ආසන්නව පනාගොඩ, ඉඹුල්ගොඩ පාරේ පිහිටා ඇති ඉඩමක් හඳුනාගෙන තිබෙන බවත්, ඒ සඳහා ජලය සහ විදුලිය සැපයීමට කටයුතු කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසීය.
මෙම ඉඩම් කැබලි ලබාගැනීම සඳහා කලාකරුවන්ට අයදුම් කිරීමට අවස්ථාව සලසා ඇතැයිද නියෝජ්‍ය ඇමතිවරයා සඳහන් කළේය.
ඒ සඳහා තම විස්තර සහිත අයදුම්පතක් සකස්කර බත්තරමුල්ල සෙත්සිරිපායේ පිහිටි සමාජ සේවා, සුභසාධන හා පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශයට බාරදිය හැකි බවද හෙතෙම ප්‍රකාශ කළේය.