කල්පිටිය සංචාරක ප්‍රදේශයේ සියලුම දූපත් සඳහා ඉදිරියේදී කඩිනමින් විදුලිය ලබාදීමට කටයුතු කරන බව විදුලිබල හා පුනර්ජනීනය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ප්‍රකාශකළේය.
කල්පිටිය මොහොත්තුවාරම දූපතට විදුලිය ලබාදීමේ අවස්ථාවට ඊයේ (30දා) එක්වෙමින් අමාත්‍යවරයා මේබව ප්‍රකාශකළ අතර, මොහොත්තුවාරම දූපතට විදුලිය ලබාදීම හරහා ප්‍රදේශයේ සියලුම දූපත් වෙත විදුලිය ලබාදීම පහසුවන බවද අමාත්‍යවරයා කීය.
මොහොත්තුවාරම දූපතෙහි පවුල් 200 ක් සඳහා මෙහිදී නව විදුලි සම්බන්ධතා ලබාදුන් අතර, කලපුව හරහා කණු මගින් අධිබල විදුලි රැහැන් ඔස්සේ කිලෝමීටර 08 ක දුරක් දක්වා ජාතික පද්ධතියෙන් මෙලෙස විදුලිය ලබාදී ඇත.
මේසඳහා රුපියල් මිලියන 25 ක වියදමක් විදුලිබල මණ්ඩලය විසින් දරා ඇති අතර, මාස 08කින් මෙහි වැඩ අවසන්කර තිබේ.
දින 100 ආණ්ඩුවේ විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා මොහොත්තුවාරම වැසියන්ට දුන්පොරොන්දුවක් මත මෙම විදුලි සම්බන්ධතා ලබාදී ඇත.
කල්පිටිය සංචාරක කලාපයේ දූපත් සියල්ලටම විදුලිය ලබාදීම යටතේ බත්තලංගුණ්ඩුව දූපත දක්වා ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබාදීමට ආණ්ඩුව කටයුතු කරන බවත්, මෙහි ඊළඟ පියවර ලෙස උච්චමුණේ දූපතට විදුලිය ලබාදීමට කටයුතු කරන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන්කළේය.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා, විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු නිලධාරීන් රැසක් සහභාගි වූහ.