කටුනායක ගුවන් තොටුපොළේ සේවකයන් විසින් අද (02දා) පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් ගුවන්තොටුපොළේ ආරක්ෂාව තර කර ඇතැයි වාර්තා වෙයි.
දින තුනක කාලයක පටන් ගුවන්තොටුපොළ පරිශ්‍රයේ කැරළි මර්දන ඒකකය රැඳී සිටින අතර අද දිනයේදී ගුවන්තොටුපොළේ ආරක්ෂාව සඳහා ගුවන් හමුදාවේ හා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ 1500ක් පමණ යොදවා ඇතැයි වාර්තා වෙයි.
ගුවන් තොටුපොළ කාර්ය මණ්ඩයේ වැටුප් 10000කින් වැඩිකරන ලෙස ඉල්ලමින් ඔවුන් මෙම විරෝධතාව පැවැත්වීමට නියමිත අතර වැටුප් වැඩිකිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විරුද්ධ වී තිබේ.
අංජන ශ්‍රී කුමාර