කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පිහිටි, ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමට අයත් ඉඩම් කැබලි දෙකක තරු පන්තියේ හෝටල් දෙකක් ඉදිකිරීමට රජයේ අවධානය යොමුව තිබේ.
ගුවන් මගීන්ට සහ සංචාරකයන්ට වඩාත් හොඳ සේවාවක් සැලසීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත.
මේ සඳහා දැනටමත් ආයෝජකයන් දෙදෙනෙකු වෙත ඉඩම් කැබලි වෙන්කර දී ඇති අතර එහෙත් එම ආයෝජකයන් විසින් සිය යෝජනා අනුව ඉදිරි කටයුතු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් එම ඉඩම් සඳහා නැවත ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීමට තීරණය කරනු ලැබ තිබේ.
ඒ අනුව, එක් ඉඩම් කොටසක තරු හතර (4 star) ගණයේ ගුවන් තොටුපළ හෝටලයක් ඉදිකිරීමට යෝජනා දැනටමත් කැඳවා ඇති අතර අනෙක් ඉඩම් කොටසෙහි තරු දෙක (2 Star) ගණයේ ගුවන්තොටුපොළ හෝටලයක් ඉදිකර පවත්වාගෙන යාමට සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීමට යෝජනා කැඳවීමට නියමිතය.