මත්ද්‍රව්‍ය සඳහා භාවිතා කරනු ලබන විශේෂ දුම්කොළ පැකට් 1600ක් සමග පුද්ගලයෙකු අද (14දා) අත්අඩංගුවට ගත්බව කටුනායක ගුවන් තොටුපල රේගුව සඳහන් කරයි.
අත්අඩංගුවට පත් සැකකරු 25වියේ පසුවන ශ්‍රී ලාංකික තරුණයෙකු වන අතර මොහු අද ඩුබායි සිට පැමිණි ශ්‍රී ලංකන් එයාර් යූ එල් - 226 ගුවන් යානයෙන් දිවයිනට පැමිණ තිබේ.
මේ අනුව අත්අඩංගුවට පත් දුම්කොළ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25ක් පමණ වන බවද කටුනායක ගුවන් තොටුපොළ රේගුව පවසයි.
සිදුවීම සම්බන්ධයෙන් කටුනායක ගුවන්තොටුපොළ රේගුව වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.