කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මිල අධික විදේශ මත්පැන් බෝතල් තොගයක් නීති විරෝධී ලෙස පිටකිරීමට උත්සාහ කළ බව කියන කටුනායක ගුවන් හමුදා කඳවුරේ උසස් නිලධාරියෙකු ගුවන්තොටුපළ ආරක්ෂක අංශයේ උසස් නිලධාරියෙකු විසින් ඊයේ (16දා) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
සැකකරු විසින් නීති විරෝධී ලෙස පිටකිරීමට උත්සාහ කළ බවට සැකකරන අදාළ විදේශීය මත්පැන් බෝතල් තොගයද ආරක්ෂක අංශ භාරයට ගෙන ඇත.
මේ පිළිබඳව ගුවන්තොටුපළ රේගුව විසින් පරීක්ෂණ අරඹා ඇති අතර සිද්ධියට අදාළ හමුදා නිලධාරියා විසින් මින් පෙරද මෙලෙසින් කටයුතු කර තිබූ බවද වාර්තා වෙයි.
ප්‍රසාද් මුතුකුඩ