කටුනායකට පැමිණි ගුවන් යානා මත්තලට හරවලා
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ඉකුත් දින සිට පවතින අධික වැසි සහ සුළං සහිත කාලගුණික තත්ත්වය නිසා ඊයේ (29දා) රාත්‍රී ගොඩබෑමට පැමිණි ගුවන් යානා 3 ක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීන් කටයුතු කර තිබුණි .
ඊයේ රාත්‍රී 10.00 පමණ වනවිට අධික වැසි මෙන්ම සුළං සහිත කාළගුණික තත්වය උග්‍ර අතට පත්ව තිබුණි .
එනිසා, ඊයේ රාත්‍රී 10.00 ට මැලේසියාවේ ක්වාලලම්පූර් සිට පැමිණි එයා ඒෂියා ගුවන් යානයත්, එදිනම රාත්‍රී 10.15 ට ඉන්දියාවේ චෙන්නායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.124 ගුවන් යානයත්, රාත්‍රී 10.30 ට ඉන්දියාවේ බැංගලෝර් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 172 දරන ගුවන් යානයත් මේ ආකාරයට කටුනායක ගුවන් තොටුපොළ තුළ ගොඩබෑමට නොහැකිව මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබුණි .
පසුව මෙම ගුවන් යානා තුන අද (30දා) අලුයම 1.00 කට පමණ යළිත් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ. එහෙත් අද උදෑසන 7.30 පමණ වනවිටත් කටුනායක ගුවන් තොටුපොළ අවට වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වය තවදුරටත් පවතී.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
