කටුනායකට පැමිණි ගුවන් යානා දෙකක් මත්තලට හරවයි
කටුනායක ගුවන්තොටුපොළ ආශ්රිත ප්‍රදේශයට අද (11දා) දහවල් ඇති වූ අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්වයක් ඇති වූ නිසා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල ගුවන් තොටුපොළ වෙත යොමු කිරීමට ගුවන්තොටුපොළ බලධාරීන් පියවර ගෙන තිබුණි .
ඉන්දියාවේ චෙන්නායි සිට දහවල් 11.20 ට කටුනායක ගුවන් තොටුපොළට ගොඩ බෑමට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. - 122 දරන යානය හා ෂී ෂෙල්ස් රාජ්‍යයේ සිට දහවල් 11.25 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට ව පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 708 දරන ගුවන් යානා මෙලෙස මත්තල ගුවන්තොටුපෙළ හරවා යවා තිබේ.
කටුනායක අවට ප්‍රදේශයේ කාලගුණික තත්ත්වය අයහපත් වුවද , ඒ වනවිට හම්බන්තොට අවට ප්‍රදේශයේ කාලගුණික තත්ත්වය යහපත් මට්ටමක තිබූ බව මත්තල ගුවන් තොටුපොළ කළමනාකාරවරයා ප්‍රකාශ කළේය .
අදාළ ගුවන් යානා මත්තල ගුවන් තොටුපොළට හරවා යැවුවද ඒවායින් මගීන් බැස්සවීමක් සිදු නොකර තබා ගැනීමට කටයුතු කළ එම ගුවන් තොටුපොළ බලධාරීන් , යළිත් එම ගුවන් යානා දෙක දහවල් 12.30 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ බලා පිටත් කර එවා තිබුණි.
මේ අනුව අද (11දා) දහවල් 12.30 පමණ වනවිට කටුනායක ගුවන් තොටුපොළ අවට කාලගුණික තත්ත්වය යහපත් වූ බැවින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වීම ඇරඹී තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


