ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ඒ-9 මාර්ගයේ ඕමන්ත යුදහමුදා කඳවුර සමග සීමා මුරපොළ එම ස්ථානයෙන් සම්පූර්ණයෙන්ම ඉවත්කොට වසර 25 කට පසුව එම ඉඩම මුල් පදිංචිකරුවන්ට ලබාදීම සඳහා නීත්‍යනුකූලව යුදහමුදාව විසින් අද (17) දින තමන්ට බාරදුන් බව වවුනියාව දිසාපති එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතා පැවසීය.
පසුගිය වසරේ අගෝස්තු (29දා) සිට මුරපොළ හරහා ගමන් කෙරෙන වාහන හා පුද්ගලයන්ගේ පරීක්ෂා කිරීම් සම්පූර්ණයෙන්ම නවතා දමන ලදී.
වවුනියාව මධූෂංඛ අමරසිංහ