ඕමන්තේ යුද හමුදා කඳවුර ඉවත් කර නොමැති බවත් කඳවුර ආසන්නයේ අක්කර 18ක ඉඩම් ප්‍රමාණයක් වව්නියාව දිසාපතිවරයා වෙත පරාදී ඇති බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතා පැවසීය. අද (18) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්ප හෙතෙම මේබව පැවසීය. සිවිල් පුද්ගලයන්ගේ ඉඩම් සම්බන්ධයෙන් යම් ගැටලු සහගත තත්ත්වයක් මෙම ස්ථානයේ පැවැති බවත් ඒ සඳහා විසඳුම් ලබාදීමේ කටයුතු යුද හමුදාවට සිදු කළ නොහැකි බැවින් අදාළ පුද්ගලයන් වෙත එම ඉඩම් ලබාදීම වෙනුවෙන් එම ඉඩම් වව්නියාව දිසාපතිවරයා වෙත පවරා දී තිබේ.