මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිය තුළදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රී පිරිස සභාව මැදට පැමිණ තිබේ. විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් සංශෝධන සහිතව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
මේ පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා ට්විටර් පණිවිඩයක් යොමුකරමින් පවසන්නේ සභාව මැදට පැමිණි ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේ කටයුතු සඳා බාධා කරමින් සිටින බවයි.
මේ අතර සභාවේ ඇතිවූ නොසන්සුන්තාවය නිසා සභාව විනාඩි 12කට කල් තැබීමට කතානායකවරයා තීරණය කළේය.
ඡායාරූපය - නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතාගේ ට්විටර් ගිණුම ඇසුරෙනි