ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමේදී රාජ්ය නිලධාරීන්ගෙන්බාධා එල්ලවන බැවින් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස පාර්ලිමේන්තු මන්ත්රී දිනේෂ් ගුණවර්ධන මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.
වරප්රසාද ප්රශ්නයක් මතුකරමින් අද (23දා) පාර්ලිමේන්තුවේදී මන්ත්රීවරයා මේබව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා,
"කථානායකතුමනි මේ සම්බන්ධයෙන් මම කලිනුත් පාර්ලිමේන්තුවට දැනුම්දුන්නා. ඔබතුමා මොන උපදෙස් දුන්නත් රාජ්ය නිලධාරීන් ඒ වෙනුවෙන් කටයුතු කරන්නේ නැහැ. මේක මන්ත්රීවරුන්ගේ වරප්රසාද ප්රශ්නයක්. මේ මන්ත්රීවරුන්ගේ වරප්රසාද ආරක්ෂා කළොත් පමණයි පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය ආරක්ෂා වෙන්නේ." යැයි ද පවසා සිටියේය.