හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ සියලුම මන්ත්රීවරුන් කුරුණෑගල පැවැත්වෙන නිදහස් පක්ෂයේ 65වැනි සංවත්සරය වර්ජනය කළ යුතු බවට මිනුවන්ගොඩ ශ්රී ලංකා නිදහස් පක්ෂ බල මණ්ඩලය යෝජනාවක් සම්මත කර ගෙන තිබෙනවා.
එම බල මණ්ඩලය අද (27දා) පැවැත්වූ රැස්වීමකදි මෙම යෝජනාව ස්ථිර කරගෙන අඇත. එසේම එක්සත් ජාතික පක්ෂය හා ශ්රී ලංකා නිදහස් පක්ෂය අත්සන් කළ ජාතික ආණ්ඩු ගිවිසුම වහාම අවලංගු කළ යුතු බවත් මෙහිදී යෝජනා ස්ථිර වී තිබේ.
ඒ අනුව බල මණ්ඩලයේ තිරණය අනුව තමන් කුරුණෑගල පැවැත්වෙන සංවත්සර උත්සවට එක් නොවන බව මන්ත්රී ප්රසන්න රණතුංග මහතා පවසයි.