ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ ඒකාබද්ධ පොදුජන පෙරමුණ නාමයෝජනා කැඳ වූ පළාත් පාලන ආයතන 93 සඳහා සලකුණු දෙකක් යටතේ හා ස්වාධීන කණ්ඩායම් වශයෙන් තරග කරන බව එම සන්ධානය පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක සංජීව එදිරිමාන්න මහතා සඳහන් කළේ පළාත් පාලන ආයතන 93 න් 84 ක් සඳහා පොහොට්ටුව ලකුණින්ද, නැගෙනහිර පළාතේ පළාත් පාලන ආයතන 7 ක් සඳහා බෝට්ටුව ලකුණින්ද, බේරුවල නගර සභාවට සහ බණ්ඩාරවෙල නගර සභාවට ස්වාධීන කණ්ඩායම් වශයෙන්ද තරග වදින බවයි.
ඒකාබද්ධ පොදුජන පෙරමුණ යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ලංකා සමසමාජ පක්ෂය, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ, ශ්‍රීලංකාවේ කොමියුනිට්ස් පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, දේශවිමුක්ති ජනතා පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් සහ සමාජ සංවිධාන රැසක් සංධානගත වී ඇතැයිද ඔහු පවසා සිටියේය.