වර්තමානය වන විට එළුවෙකුට, කුකුළෙකුට හා ඌරෙකුට මෙන්ම පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකුට මේ වන විට මිලක් නියම වී ඇති බවත් විශ්වාසභංග යෝජනාවට එරෙහිව ඡන්දය අත උස්සන මන්ත්රීවරුන්ගේ අතට මුක්කු ඇති බවත් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.
" ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්රීවරුන්ගේ තීරණය ගැන ජනතාව බලාගෙන ඉන්නවා. අත කැපුවත් නිල් කියන අයයි අත කැපුවත් නිල් කියන අය අතරේ අනිත් අතින් කොළ කොඩි වනන අය ගැනත් ජනතාව දැන ගනීවි. අදින් පසුව මහ විපර්යාසයක් වෙනවා."