(UPDATE) දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේදී සිදු වූ රිය අනතුරක් හේතුවෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ දකුණු කකුලේ දණහිසෙන් පහළ කොටස කපා ඉවත්කර තිබේ.
දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේදී රිය අනතුරකට ලක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මන්තී්රවරයා වැඩිදුර ප්රතිකාර සඳහා නාගොඩ රෝහලේ සිට කොලඔ ජාතික රෝහලට මාරු කර යැවිය. එසේම ඔහුගේ දකුණු පාදයට සැත්කමක් කිරිමට නියමිත බව ජාතික රෝහල් ආරංචි මාර්ග කියයි.
තිලක් ඇල්විටිගල
දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී අජිත් මාන්නප්පෙරුම මහතා තුවාල ලබා තිබේ. ඔහු හා ආරක්ෂකයා නාගොඩ රෝහලට ඇතුළත් කොට තිබේ.
ඔහු ගමන්ගත් ජීප් රථයේ රියදුරට රථය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව තිබෙන බව පොලීසිය කියයි. රථයේ රියදුරද තුවාල ලබා තිබේ. රථයේ තිදෙනෙකු ගමන්කර තිබෙන බවත් දොඩම්ගොඩ ප්රදේශයේදී අනතුර සිදුව තිබෙන බවද පොලිසීය තව දුරටත් පවසයි.
මන්ත්රීවරයා මොනරාගල මැතිවරණ කටයුතු වල නිරත වී නැවත කොළඹ බලා පැමිණීමේදී මෙම අනතුරකට ලක්ව තිබේ.