එජාප ප්රතිසංවිධාන කටයුතු අද හෙට අනිද්දා
එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන කටයුතු අද(06දා), හෙට(07) සහ අනිද්දා(08දා) දිනවල සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමට සහ කෘත්‍යාධිකාරී මණ්ඩලයට මෙම හමුවට සහභාගි වන ලෙස දැනමටත් ලියාපදිංචි තැපෑලෙන් ලිපියවා ඇතැයි ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධාන කටයුතු සඳහා සහභාගි වන ලෙස එක්සත් ජාතික පෙරමුණේ අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න සහ පාඨලී චම්පික රණවක මහත්වරුන්ටද ආරාධනා කර ඇතැයි වාර්තාවේ.
පක්ෂ ප්රතිසංවිධාන කටයුතු දින තුනක් තුළ කඩිනම් කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පූර්ණ බලැති අධීක්ෂණ මණ්ඩලයක්ද පත්කර ඇත.
එක්සත් ජාතික පකෂ නියෝජ්‍ය නායක, නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන, ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ජේ.සී. අලවතුවල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය අනුකමිටු වාර්තා පදනම් කරගනිමින් මෙම පක්ෂ ප්රතිසංවිධාන කටයුතු සිදුවේ.
මෙම යෝජනා සැලකිල්ලට ගනිමින් සිදුකරන පක්ෂ ප්රතිසංවිධාන යෝජනා ලබන ඉරිදා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුමැතියට යොමුකරන බවද අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


