එක්සත් ජාතික පක්ෂයට ජනපති අපෙක්ෂකයෙකු තෝරාගැනිමට නෙහැකිව 2010 වසරේ මෙන් මේ වසරේදීත් රූකඩයක් තෝරාගෙන තිබෙන බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.
කුලියාපිටියේදී දැන් පැවැත්වෙන සන්ධානයේ ප්රචාරක රැස්වීමක් අමතමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
"2010දීත් එජාපය රූකඩයක් තොරා ගත්තා. මේ පාර සිරිසේන තොරාගත්තා. එක්සත් ජාතික පක්ෂය පස්සට වෙලා නූල් අඳනවා. මේක අම්බලන්ගොඩ රූකඩ සංදර්ශනයක් වගේ." යැයි හෙතෙම පැවැසීය.