ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයේ සියලු ප්‍රධාන තනතුරුවල වෙනසක් සිදුවනු ඇතැයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
තනතුරුවල බලතල හා සංවිධාන ව්‍යුහයේ විශාල වෙනස්කම් සිදුවන බවද ඇමතිවරයා සඳහන් කළේය.
හෙට (29දා) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී රැස්වීමේදී මේ සම්බන්ධව සාකච්ඡා කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
විශ්වාසභංග යෝජනාවට මුහුණුදෙන ආකාරය ගැනද එහිදි අවධානය යොමුකරන බවද ඔහු කීය.