අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ගෙන ආ විශ්වාසභංග යෝජනාව පරාජයට පත්කරමින් එක්සත් ජාතික පක්ෂයේ මෙතෙක් සිදුනොවූ දැවැන්තම වෙනස්කම සිදුකරන බව රාජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පැවසීය.
අද (03දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“විශ්වාසභංගය පරාජයට පත්කරලා, ඉතාමත්ම ඉක්මනින් අපේ පක්ෂය තුළ මෙතෙක් සිදු නොවූ දැවැන්තම වෙනස්කම සිදුකරලා ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා අපි පක්ෂය මෙහෙයවනවා.
නව ජවයකින් අපි නැගිටින කොට ඔය විශ්වාසභංගය ගෙනාපු අය හිතයි අයියෝ අපි මොකක්ද මේ කරගත්තේ කියලා. ආණ්ඩුව ඇතුළේ ඉඳන් ආණ්ඩුවට විශ්වාසයක් නැත්නම් මම කියනවා ඒ අයට ගෙදර යන්න කියලා. ආණ්ඩුව පිළිබඳව විශ්වායයක් නැති ඇමතිලාට කිසිම අයිතියක් නෑ ආණ්ඩුව ඇතුළේ ඉන්න.” යැයි පැවසීය.