පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාදීමට එක්සත් ජාතික පක්ෂයේ සියලු ආසන සංවිධායකවරුන් සිරිකොත පක්ෂ මූලස්ථානයට යළිත් අද (18දා) පෙරවරුවේ කැඳවා තිබේ.
එක්සත් ජාතික පක්ෂ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී දැනුවත් කිරීමක් පවත්වා ඇති අතර, ගෙයින් ගෙට ගොස් ඡන්ද ව්‍යාපාරය ඇරඹීමට මැතිවරණ ප්රචාරක පත්‍රිකා ලක්ෂ 50 ක්ද මෙහිදී බෙදාදී තිබේ.