එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 69 වැනි සැසිවාරයට සහභාගි වීම සඳහා ජනාධිපති රාජපක්ෂ මහතා අද (21දා) සවස අමෙරිකාවේ නිව්යෝක් බලා පිටත්ව ගියේය.
ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියද ජනාධිපතිවරයා සමග මෙම සංචාරය එකතු වූ අතර, එය දින 6ක නිල සංචාරයකි.
ඇමෙරිකාවේ, නිව්යෝක් නගරයේ, එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සැසිවාරය පැවැත්වෙන අතර, ජනාධිපතිවරයා එළැඹෙන 24 වැනිදා එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමට නියමිතය.
ලෝක නායකයන් සහභාගි වන මෙම සමුළුවට ජනාධිපතිවරයා සහභාගි වන 7 වැනි අවස්ථාව මෙයයි.
මහා මණ්ඩල සමුළුවට අමතරව, 2014 ලෝක දේශගුණික සමුළුවද 23 වැනිදා ජනාධිපතිවරයා විසින් ඇමතීමට නියමිත අතර, පොදු රාජ්ය මණ්ඩලීය නායක හමුවකටද ජනාධිපතිවරයා මුලසුන හොබවනු ඇති බව පැවසෙයි.