එක්සත් ජාතීන්ගේ පවතින නිලවාදය හා අවපාලනය නිසා ඔවුන් තම විභවයේ බලාපොරොත්තු මට්ටමට කටයුතු නොකරන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් චෝදනා කරයි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ, නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සිදුකළ සිය ප්රථම කතාවේදී ඇමෙරිකානු ජනාධිපතිවරයා මෙසේ අදහස් දැක්වීය.
"වැඩි අවධානයක් මිනිසුන් කෙරෙහි යොමුකළ යුතුයි. නිල බල ක්රමය ප්රමුඛ අවධානය නොවිය යුතුයි" යනුවෙන් ට්රම්ප් පවසා තිබේ.
මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයට විසමානුපාතික දායකත්වයක් දැක්වීමට සිදුව තිබෙන බවද පෙන්වාදෙන ඇමෙරිකානු ජනාධිපතිවරයා, සියලු දෙනා එක්ව කටයුතු කළහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය තවදුරටත් ශක්තිමත් කළ හැකි බවද හෙතෙම පවසයි.
එක්සත් ජාතීන්ගේ එදිනෙදා අයවැය වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ අරමුදල් දායකත්වය 22%ක් වන අතර, සාමසාධක කටයුතු වෙනුවෙන් දායකත්වය 28%කි.
කෙසේ වෙතත්, ඇමෙරිකානු ජනපතිවරයා අද දිනයේදී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී සිය දීර්ඝ දේශනය සිදුකිරීමට නියමිතය. මෙම කතාවේදී උතුරු කොරියාව හා ඉරානය සම්බන්ධයෙන් සිය දැඩි ස්ථාවරය ඇමෙරිකානු ජනාධිපතිවරයා ප්රකාශ කිරීමේ සූදානමක සිටින බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.