එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කළ කිහිපදෙනෙකු එක්සත් ජාතික පෙරමුණට එකතු වුවද, ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණයට එය කිසිදු බාධාවක් නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.
මැතිවරණ දිස්ත්‍රික්ක 22 කට එක්සත් ජනතා නිදහස් සන්ධානය තරග කරන බවත්, බදුල්ල දිස්ත්‍රික් නාමයෝජනා පසුගිය සිකුරාදා බාරදුන් බවත් එම සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේය අද (13දා) දිනයේදී ඉතිරි සියලුම දිස්ත්‍රික්කවලට නාමයෝජනා බාරදෙන බවද ඔහු පැවසීය.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තරග කරන බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලුම මැතිවරණ ප්රචාරක කටයුතු මැතිවරණ කමිටුවක් විසින් මෙහෙයවන බවත් හෙතෙම පවසා සිටියේය.
ඊයේ (12දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ මහලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ, මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පක්ෂ 15 ක හා බහුජන සංවිධාන 27 ක නියෝජිතයන් තරග කරන බවයි.