එක්සත් ජාතික පෙරමුණු නායකයෝ අගමැති රනිල් අද හමුවෙති
ආණ්ඩුවේ සහ එක්සත් ජාතික පක්ෂයේ සිදුකළ යුතු වෙනස්කම් සම්බන්ධව සම්බන්ධව අදහස් හුවමාරු කර ගැනීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ ඇමතිවරුන් පිරිසක් සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (29දා) සවස 4.00ට අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රාවුෆ් හකීම්,රිෂාඩ් බදියුර්දීන්,ජාතික හෙළ උරුමයේ මහ ලේකම් පාඨලි චම්පික රණවක,මනෝ ගනේෂන්,පලනි දිගම්බරන්, අර්ජුන රණතුංග,රාජිත සේනාරත්න යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගීවීමට නියමිත බවද වාර්තා වෙයි.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධව මෙම ඇමතිවරුන් පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පෙරේදා (27දා) රහසේ සාකච්ඡා කර යෝජනා කිහිපයක් සම්මත කරගෙන තිබෙන අතර අද පැවැත්වෙන රැස්වීමේදී එම යෝජනා ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
අප්‍රේල් 04 වැනිදාට පෙර එක්සත් ජාතික පක්ෂයේ හා රජයේ වැඩපිළිවෙල ප්රතිසංවිධාන කිරීමකින් තොරව ඉදිරියට කටයුතු කළනොහැකි බවත්, ජනතාවගේ විශ්වාසය ඇතිවිය හැකි වැඩපිළිවෙලක් අගමැතිවරයා ඉදිරිපත් කළ යුතු බවත් එම ඇමතිවරුන්ගේ අදහස වී ඇත.
මේ අතර රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (28දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් කැබිනට් සම ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් ඉදිරිපත් කර ඇති අදහස් ක්‍රියාත්මක නොකළහොත් තමන් ඇතුළු එම කණ්ඩායම ඉදිරියේදී විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


