ඌව පළාත් සභා මැතිවරණයේදී කෙළෙහි ගුණයෙන් සපිරි ඌව වෙල්ලස්සේ වීරෝධාර ජනතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදුන් විශිෂ්ට ජයග්‍රහණයට තම ප්‍රණාමය පුද කරන අතරම, එම විජයග්‍රහණය රටේත් ජනතාවගේත් යහපතටත්, දූ පුතුන්ගේ අනාගත අභිවෘද්ධියටත් යොදවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා සිටියේය.
ජනාධිපතිවරයා මෙසේ පවසා සිටියේ ඌව පළාත් සභා මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමිනි. ජනාධිපතිවරයා නිකුත් කළ නිවේදනය මෙසේය.
"මෙවර ඌව පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි වූ විශිෂ්ට ජයග්‍රහණය රජයේ සංවර්ධන වැඩපිළිවෙළ තව තවත් වේගවත්ව ඉදිරියට ගෙන යාමට ලබා දුන් ජනවරමකි. මෙම ජයග්‍රහණය ඌවට සේම මුළු රටටම වැදගත් ජයග්‍රහණයක් බවද කිව යුතුය.
එසේම වත්මන් රජය රටට ලබාදුන් නිදහස, සාමය මෙන්ම රටේ දුෂ්කර පළාත්වලට ගෙන ගිය මහා සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට මෙම විජයග්රණයත් සමග ඌවේ ජනතාව තම ආශිර්වාදය පළ කර ඇත.
රජයට එරෙහිව ගෙන ගිය ද්වේෂ සහගත හා අපහාසාත්මක චෝදනා ඌවේ ජනතාව තදින්ම ප්‍රතික්ෂේප කර ඇති බවද මෙම විජයග්රහණයෙන් තහවුරු කෙරේ.
අපට අන් සියල්ලටම වඩා වැදගත් වන්නේ මේ රටේ ජනතාවගේ කැමැත්ත බව දැඩිව අවධාරණය කළ යුතුයි. එමෙන්ම රටේ ජනතාවගේ අවශ්‍යතාවන්, ජාතියේ අවශ්‍යතාවන් පරාජය කිරීමට කිසිවෙකුට ඉඩ නොතබන බවද යළි යළිත් අවධාරණය කරමි.
සියලු ජාතීන් ආගම් අදහන ජනතාව එක් වී සම්පූර්ණ කළ මෙම විජයග්‍රහණය ආරක්ෂා කර ගැනීම අප සැමගේ වගකීමක් බවද සිහිපත් කරමි.
කෙළෙහි ගුණයෙන් සපිරි ඌව වෙල්ලස්සේ වීරෝධාර ජනතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයට ලබාදුන් මෙම විශිෂ්ට ජයග්‍රහණයට මාගේ ප්‍රණාමය පුද කර සිටින අතරම එම විජයග්‍රහණය රටේත් ජනතාවගේත් යහපතට ම දූ පුතුන්ගේ අනාගත අභිවෘද්ධියට ම යොදවන බවද ප්‍රකාශ කරමි.
ඌවේ ජනතාව හමුවට ගිය සෑම අවස්ථාවකම ජාති, ආගම් භේදයකින් තොරව දූ පුතුන් පිරිවරා එක්රොක් වෙමින් මාහට දැක් වූ මිත්‍රශීලි බවද ආදරයද සදා සිහිපත් කරමි.
මෙම මැතිවරණය සාමකාමී මැතිවරණයක් කර ගැනීමට කැප වූ සියලුදෙනා වෙත මාගේ ප්‍රණාමය පුද කිරීමටද මෙය අවස්ථාවක් කර ගනිමි."