අගොස්තු මාසයේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ අයදුම්පත් බාරගැනීම අද (31දා) දිනයෙන් අවසන් වන බව විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරුන් මාර්ගයෙන් අයදුම්පත් යොමුකළ යුතු බවත්, පෞද්ගලික අයදුම්කරුවන් තැපැල් මගින් අයදුම්පත් යොමුකළ යුතු බවත් ඔහු පවසා සිටියේය. පෞද්ගලික අයදුම්කරුවන් තම අයදුම්පත් අද (31දා) දිනය තුළ තැපැල් ස්ථානවලට භාරදිය යුතු බවත්, මේ සඳහා පසුගිය වසරේ ප්‍රතිඵල නිකුත් වූ, උසස් පෙළ විභාගයට අදාළව නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් යොමුකළ පිරිසටත් අයදුම් කළ හැකි බවත් ඒ මහතා පවසා සිටියේය.
නැවත සමීක්ෂණ ඉල්ලීම් කළ සියලු දෙනාට ඉදිරියේදී ප්‍රතිඵල නිකුත් කරන බවද හෙතෙම සඳහන් කළේය.