උපෙළ අයදුම්පත් බාරගැනීම 15දා අවසන්
මෙවර පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග සඳහා අයදුම්පත් බාරගැනීම මේ මස 15 වැනිදායින් අවසන් කරන බවත්, එදිනෙන් පසු අයදුම්පත් බාර නොගන්නා බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ අනුව පාසල් අයදුම්කරුවන් විදුහල්පතිවරුන් මගින් අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බවද විභාග කොමසාරිස් ජනරල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
පෞද්ගලික අයදුම්කරුවන්ද සිය අයදුම්පත් මෙදිනට පෙර ලැබෙන සේ තැපැල් මගින් යොමු කළ යුතු බවද ඔහු පවසා සිටියේය.
එදිනෙන් පසු ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන බවත් කිසිදු හේතුවක් මත බාර නොගන්නා බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේය.
විභාග දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කළ වසරේ විභාග කාලසටහනට අනුව උසස්පෙළ විභාගය අගෝස්තු 08 වැනිදා සිට සැප්තැම්බර් 02 වැනිදා දක්වා පැවැත්වෙන අතර, ප්‍රා‘යෝගික පරීක්ෂණ ඔක්තෝබර් 20 වැනිදා සිට නොවැම්බර් 05 වැනිදා දක්වා කාලය තුළදී පැවැත්වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

