රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වන තොරතුරු පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා පවසයි.
ඩේලි නිවුස් පුවත් සේවය උපුටා දක්වමින් බොහෝ මාධ්‍ය වාර්තා කළේ උදයංග වීරතුංග ඩුබායිහිදී අත්අඩගුවට පත්ව ඇති බවයි. එහිදී රවී වෛද්‍යාලංකාර මහතා උපුටා දක්වමින් මේ බව වාර්තා කර තිබුණි.
කෙසේ වෙතත් ඩේලි මිරර් පුවත් සේවයට නියෝජ්‍ය පොලිපතිවරයා පවසා ඇත්තේ තමන් එවැනි ප්‍රකාශයක් කර නොමැති බවත් උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන නොමැති බවත්ය.