රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුරංග මහතා ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. ඊයේ (26දා) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. හිටපු තානාපතිවරයාට එරෙහිව ජාත්‍යන්තර පොලීසිය (ඉන්ටර්පෝල්) රතු වරෙන්තුවක්ද නිකුත් කර තිබුණි.
පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතා ඩේලි නිවුස් පුවත් සේවයට මේ බව පවසා ඇත.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ හිටපු තානාපතිවරයා ඩුබායි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන පොලිස් මූල්‍ය අපරාධ ඒකකයට බාර දී ඇති බවයි.