රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි රජය විසින් පෙරේදා (26දා)දිනයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බවට ශ්‍රී ලංකා රජයට දන්වා ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
වීරතුංග මහතා මෙරටට ගෙන්වාගැනීම සඳහා දෙරට අතර රාජතාන්ත්‍රික ගනුදෙනු මේ වනවිට සිදුවෙමින් තිබෙන බවද ඇමතිවරයා සඳහන් කළේය.