උතුරු කොරියාව තවත් මිසයිල අත්හදා බැලීමක් සිදුකර ඇති බව පෙනී යන්නේ යැයි ජපාන මාධ්‍ය වාර්තා කරයි.
ජපාන ජාතික රූපවාහිනී නාලිකාව වන එන්.එච්.කේ වාර්තා කළ පරිදි එම මිසයිලය ජපාන මුහුද වෙත පතිත වී තිබේ.
මෙම ජූලි මස මුලදී අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් ප්‍රථම වරට සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව නිවේදනය කළේය.
එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් මිසයිල අත්හදා බැලීම් සිදු නොකරන ලෙසට උතුරු කොරියාවට තහනමක් පනවා ඇති පරිසරයක පවා ඔවුන් නොනවත්වා සිදුකරන අත්හදා බැලීම්වල නවතම සිදුවීම ලෙස මෙය සඳහන් වෙයි.
මේ අතර, උතුරු කොරියාවේ අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලය ගමන් කළ හැකි දුර පිළිබඳ විවිධ මත පළ කෙරුණත්, එය ඇලස්කාව දක්වා ප්‍රහාරයක් දියත් කිරීමට හැකි මිසයිලයක් විය හැකි බවටද මත පවතී.
උතුරු කොරියාවේ මෙම නවතම මිසයිල අත්හදා බැලීම තහවුරු වුවහොත්, එය 2017 වසර තුළ ඔවුන් සිදුකළ 14 වැනි මිසයිල අත්හදා බැලීම වනු ඇත.