උතුරුමැද පළාත් සභාවේ ඊයේ (18දා) ඇතිවූ සිද්ධියට වගකිව යුත්තේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.
2012 ඔක්තෝම්බර් 02දා බැසිල් රාජපක්ෂ මහතා මෙම අවුල ඇති කර තිබුණු බවත්, දිට්ඨ ධම්ම වේදනීය කර්මය ඵල දෙමින් එක්සත් ජාතික පක්ෂය පත් කළ සභාපතිවරයා ඉවත් කිරීමට එම පක්ෂයටම සිදුව ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේදී අද (19දා) පැවති මාධ්‍ය හමුවකදී ඉසුර දේවප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙය ඒකාබද්ධ විපක්ෂයේ සහ එක්සත් ජාතික පක්ෂයේ ගැටුමක් මිස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ නැති බවයි.