නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී ඒකීය රාජ්‍යයක් ඇති වේයැයි උතුර බිය වී සිටින බවත් ෆෙඩරල් රාජ්‍යයක් ඇති වේ යැයි දකුණ බිය වී සිටින බවද ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පූජ්‍ය දඹර අමිල හිමියෝ අවධාරණය කළහ.
මේ නිසා නව ව්‍යවස්ථාවක් සකස් කිරීමේදී සියලුම දෙනාගේ කැමැත්ත හා අදහස් මත සිදුවිය යුතු බවත්, එසේ නොමැතිව තනි මතයට ව්‍යවස්ථාවක් සකස් කරන්නට ගොස් දශමයක් හෝ වෙනස් වුවහොත් නැවත 30 අවුරුදු යුද්ධයක් සේ යුද්ධයක් හෝ 88-89 වැනි කාලයක් උදාවිය හැකි බවද උන්වහන්සේ පවසා සිටියහ.
අලුත් ව්‍යවස්ථාවට බය කවුද? යනුවෙන් අද (18දා) කොළඹ මහජන පුස්තකාලයේ පැවැති සම්මන්ත්‍රණයකට සහභාගී වෙමින් මේ බව සඳහන් කළ උන්වහන්සේ වැඩි දුරටත් අවධාරණය කළේ, සමහර පිරිස් අලුත් ව්‍යවස්ථාවන් අවශ්‍ය නොවන බවත් මේ නිසා සංශෝධන පමණක් සිදුකළ යුතු බවට ප්‍රකාශ සිදුකරමින් සිටින බවයි.
එහෙත් පැලැස්තර ඇලවීමෙන් අලුත් රටක් සකස් කරගත නොහැකි බවත් මේ නිසා පොරොන්දු වූ පරිදි නව ව්‍යවස්ථාවක් සකස් කළ යුතු බවද අමිල හිමියෝ සඳහන් කර සිටියහ.